මෙරට එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කරයි.
මෙරට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල බොහෝ පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම ඊට හේතුව බව සදහන් කරයි.
මෙරට සාමාන්‍යයෙන් දෛනිකව එක්දින සේවාව යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය දෙදහසක් පමණ වේ.එම ප්‍රමාණය 3,500 ක් දක්වා ඉහළ දැමීමටයි මේ වනවිට තීරණය වී ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සේවා මුර දෙකක් යටතේ කැඳවීමට ද තීරණය කර ඇත.පෙරවරු 07 සිට පස්වරු 02 දක්වා සහ පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වා මෙම සේවාමුර 02 ක්‍රියාත්මකයි.