ගස් සිටුවන්න දුන් තීන්දුවට බදියුදීන් එරෙහි වෙයි.

මෙරට විල්පත්තුව, කල්ලාරු ප්‍රදේශයේ කැළෑ හෙළි කළ ප්‍රදේශවල යළි වන වගා කරන ලෙස නිකුත් කර තිබෙන තීන්දුවට එරෙහිව රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනුකරයි.

ඉන් පෙන්වා දෙන්නේ අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන තීන්දුව අවලංගු කරන ලෙසටයි.අදාළ අභියාචනා පෙත්සම සැප්තැම්බර් මස 05 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

අභියාචනා පෙත්සම ඊයේ (03) ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.

මෙරට විල්පත්තුව කල්ලාරු රක්ෂිත කලාපයේ කැළෑ හෙළිකිරීම වෙනුවෙන් යළි ගස් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පසුගියදා නියෝග කර ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close