අල්කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කෙරේ.!

එරට ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කරයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ, ‍ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී සී.අයි.ඒ සංවිධානය විසින් ඊයේ (01) සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ඔහු මිය ගිය බවය.

මෙම අදාළ ප්‍රහාරය සඳහා වන අවසන් අනුමැතිය ඔහු ලබා දුන් බව ද ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.ඩ්‍රෝන යාන ප්‍රහාරය එල්ල කරන විට 71 හැවිරිදි අල්කයිඩා නායකයා ආරක්ෂිත නිවසක සඳලු තලයේ සිටි බව සඳහන් වෙයි.

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි පවුලේ අනෙකුත් සාමාජිකයින් ද ඔහු සමග එම ස්ථානයේ සිටි බවට වාර්තා පළවුවත් ප්‍රහාරයෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම අල්කයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් අමෙරිකානු හමුදා විසින් ඝාතනය කිරීමෙන් පසු 2011 වසරේදී අයිමන් අල් සවාහිරි අල්-කයිඩා සංවිධානය භාර ගත්තේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close