මෙරට අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂට හිමිවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.මෙම අගමැති ධුරය එක්වරම හිමි නොවුණත් පසු කාලෙක හෙමිහිට සිදුවනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.
එජාප රනිල් වික්‍රමසිංහ සතුව පාර්ලිමේන්තුවෙහි ඇත්තේ එක් ඡන්දයක් පමණක් වන අතර දැනටත් සමස්ත ආණ්ඩු පක්ෂ යාන්ත්‍රණයම මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින්ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමේ ඡන්ද ව්‍යාපාරය මෙහයවනු ලබන්නේ ද බැසිල් රාජපක්ෂ විසින් වේ.ඩලස් හා සජිත් එක්ව තරගවදින බව ප්‍රකාශයට පත්කිරීමත් සමග බොහෝ අය තුළ පසුබෑමක් දක්නට ලැබුණු නමුත් බැසිල් පසුබැස නැති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරයෙහි බලතල යම් ප්‍රමාණයක් අඩුකිරීමට ද නියමිතව ඇත.එයින් බලවත් වන අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ නිසි මොහොතේදී ඉදිරිපත් වනු ඇති බව ආරංචිමාර්ග වාර්තා කරයි.
මෙම තොරතුරු සත්‍යද අසත්‍යද යන්න නිශ්චිතවම කිව නොහැක.