මෙරට පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10 ට රැස් වූ අතර එහිදී කථානායකවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම සහ එම තනතුර පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තුවට විශේෂ දැනුම්දීමක් සිදුකිරිමට නියමිතය.
මෙරට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරය සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම ලබන 20 වනදා සිදු කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.