ජනපතිගේ නිවසට ගිනි තිබ්බ ඇමති පුතා අල්ලන්න මෙහෙයුම්.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුත්‍රයා මෙරටට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලීසියට අවශ්‍ය ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට යොමුකර ඇති බවට වාර්තා වෙයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුත්‍රයා එරෙහිව අධිකරණය මගින් රතු නිවේදන නියෝගයක් ද නිකුත් කරයි.මෙම පුද්ගලයා ඉකුත් (10) දින රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවත් එහි සිට එංගලන්තය බලා ගොස් තිබෙන බවටත් තොරතුරු වාර්තා වේ.

මෙම සැකකරු ගම්පහ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයකු වශයෙක් කටයුතු කරමින් සිටින බවටද වාර්තා වෙයි.ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවස වටලා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලිපිය අතට ලබාගන්නා තෙක් එම නිවසින් පිටව නොයන බවට ද ඔහු වීඩියෝව හරහා ප්‍රචාරය කර තිබුණේය.

ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමට ආධාර අනුබල ලබා දෙමින් මෙම වීඩියෝ පටය එහි සිට පටිගත කළ කාන්තාවක් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close