නිසි ඉන්ධන මිල සුත්‍රයක් නෑ.ඉන්ධන රුපියල් 100කින් අඩු කරන්න පුළුවන්.

මෙරට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනය සඳහා ගෙවන සත්‍ය මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක දේශීය මිල අඩුම වශයෙන් රුපියල් 100 කින් පමණ පහළ දැමිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සදහන් කළේය.

මෙම ඉන්ධන නියාමනය කිරීමේ ක්‍රමවේදය විධිමත්ව සිදුකරගෙන යාමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට භාරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සභාපති ජනක රත්නායක සදහන් කළේය.

ලෝක වෙළෙඳපොළ මිල ගණන් අනුව පෙරේදා (17) රාත්‍රියේ මෙරට ඉන්ධන මිල රුපියල් 20කින් සහ 10කින් පහළ දැමීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් සාධාරණ වියදම් මත පදනම් වූ කාටත් දැනගත හැකි සරල ක්‍රමයකට ඉන්ධන මිල තිරණය කළ යුතු බවත් ඊයේ (18) සභාපති ජනක රත්නායක සදහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ සත්‍ය මිල ගණන්වලට අනුකූලව මෙරට ඉන්ධන ලීටරයක මිල තවදුරටත් අඩුවිය යුතු බවත් සත්‍ය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තමා මීට පෙර ඉදිරිපත් කළ දත්ත නිවැරැදි බවට මුදල් අමාත්‍යාංශය විසින් ද තහවුරු කර ඇති බව ජනක රත්නායක සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close