මෙරට රජයට අයත් වන රක්ෂිතවල කොස් ගස් වල කොස් කඩා ගැනීම සඳහා වනාන්තරවලට ඇතුළුවීමට මුදල් අයකිරීමකින් තොරව බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදෙයි.
මෙරට රක්ෂිත වනාන්තර වැවෙන කොස් සහ දෙල් ජනතාවට ලබා ගැනීමට අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙනු ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
වාර්ෂික අස්වැන්න දී කොස් ගෙඩි කෝටි 28 ක් පමණ වන බවත් එයින් ප්‍රයෝජන ගන්නේ කෝටි අටක් පමණ වන බවත් ඉතිරි සියල්ල ප්‍රමාණය අපතේ යන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.