මෙරට පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212ක් සමග මන්ත්‍රීවරයා අද (03) අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය සදහන් කළේය.
මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රි මොහාන් දුමින්ද නැමති මන්ත්‍රිවරයෙක් වේ.
මන්ත්‍රිවරයාගේ නිවසේ ඩිසල් ගබඩා කර ගනිමින් වැඩි මිලට අලේවි කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම සිදු කරයි.
රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ඩිසල් තොගයක් හා පෙට්‍රල් ලීටර් කිපයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.