ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අද (26) දිනට වසර 18 ක් සම්පූර්ණ වේ.ඒ පසුගිය 2004 වසරේ දෙසැම්බර් 26 දිනයි.
සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාවක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 කට දැඩි හානි සිදුවිය.
ඉන්දියානු භූ තැටිය, බුරුම භූ තැටිය පහළට ගමන්කිරීම හේතුකොටගෙන උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුම හේතුවෙන් ඉන්දියානු සාගරයට මායිම් වූ බිම්කඩවල්හී වෙරළතීර රැසක විනාශකාරී සුනාමි රළ නිර්මාණය වීම සිදුවිය.
2004 හටගත් මෙම සුනාමිය හේතුවෙන් රටවල් 14ක පුද්ගලයෝ 230,000 ක පමණ පිරිසක් මරණයට පත් විය.
එසේම එය ලොව වාර්තාගත ඉතිහාසයෙහි සිදුවූ මාරාන්තික ස්වභාවික ව්‍යසනය අතුරින් එකක් ලෙසද සැළකෙයි.
ඉන්දුනීසියාව මෙම ව්‍යසනයට ගොදුරුවූ ප්‍රධානතම රට බවට පත්වූ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය යන රටවල්වලටද මින් දැඩිලෙස හානි සිදුවිය.
ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක සුනාම් ව්‍යසනයෙන් මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 36,000 ක් පමණ වන අතර තවත් 5000 ක පමණ පිරිසක් ඉන් අතුරුදන් විය.
එම සුනාමි ව්‍යසනය සිහිකරමින් සෑම වසරකම දෙසැම්බර් 26 දිනය “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර ඇත.
සෑම දෙසැම්බර් 26 දින ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඔවුන් සිහිකරයි.