චීනය අමෙරිකාවට එරෙහිව වැඩ අරඹයි.මුහුදු සීමාව වසා දමා යුධ අභ්‍යාස අරඹයි.!

එරට අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණීමත් සමග චීනය ද ඊට දැඩි ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇත.ඒ අනුව චීනය පැවසුවේ සිය හමුදාව අද සිට දින 03 ක් හමුදා අභ්‍යාස පවත්වන බවය.

එරට තායිවාන මුහුදු සීමාව ආශ්‍රිතව පවත්වන මෙම හමුදා අභ්‍යාස හේතුවෙන් සිවිල් නැව් හා ගුවන් යානාවලට එම කලාපයට ඇතුළුවීම ද චීනය විසින් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.චීන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එරට අමෙරිකානු තානාපතිවරයාට හදිසි කැඳවීමක් සිදුකර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහෙත් චීනයේ මෙම ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව පැවසුවේ සිය කථානායකවරියගේ තායිවාන සංචාරය අර්බුදයක් බවට පත් කර ගත යුතු නැති බවය.චීනය විසින් තායිවානය සලකනු ලබන්නේ සිය රටට අයත් කොටසක් ලෙසටයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close