රට පුරා විරෝධතා අරඹයි.”එලවන්න කලින් පලයන් රනිල්”

මෙරට වැඩබලන රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් අද සහ හෙට දින තුළ රට පුරා ප්‍රදේශ ගණනාවක විරෝධතා සංවිධානය කර ඇත.

කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදී අරගලයේ මෙම විරෝධතාවයන් සංවිධානය කර ඇත. ‘එලවන්න කලින් පලයන් රනිල්’ සදහන් බැනරයක්ද එහි ප‍්‍රදර්ශණය කරයි.

රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායක ධුරය දැරීම සඳහා නුසුදුසු බව විරෝධතාකරුවන් සදහන් කරයි.ඉල්ලීමට ඇහුම්කන් නොදී රනිල් වික්‍රමසිංහ දිගටම රැඳී සිටීමට උත්සාහ කලහොත් ඉදිරියේ ⁣රටේ තත්ත්වය භයානක විය හැකිබව ඔවුන් අනතුරු අඟවයි.

රටේ නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා වූ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.අද දින නාමයෝජනා බාරදීමට නියමිතව ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close