මෙරට වෘත්තිමය ප්‍රවාහන ත්‍රී රෝද රථ, පෞද්ගලික බස් රථ, පාසැල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහලුම් ප්‍රවාහන රථ, වාණිජමය ප්‍රවාහන රථ ඇතුළු,
ප්‍රවාහන ක්ෂේත්රය නියෝජනය කරන ප්‍රවාහන රථවාහන නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන් සමග ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සුදුසු වැඩපිළිවෙලක් අනුව ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරයි.
ඉන්ධන හිඟයන් ඇති වන අවස්ථාවල මෙම කාර්යයන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්ධන බෙදා හැරීම පිළිබඳව සහ එම සෑම ක්ෂේත්රයක් සහ රටේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන්,
සලාක ක්‍රමයක් යටතේ ඉන්ධන ලබා දෙන ලෙස සහ වෘත්තීමය ත්‍රී රෝද රථ ඔවුන් ඉන්ධන ලබා ගන්නා එක් ඉන්ධන පිරවුම්හලක පමණක් ලියාපදංචි කර ඉන්ධන දෛනිකව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියි.
එම වැඩපිළිවෙල කඩිනම් කිරීමට මේ වන විට කටයුතු සකස් කිරීමටද පොලීසිය සමග කටයුතු ආරම්භ කරන ලදි.මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරමින් නාමල් රාජපක්ෂ ද එක්ව සිටියේය.