ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේය.මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස හතරකට ප්‍රමාණවත් වන බවත් ඊළඟ යල කන්නයෙන් එන අස්වැන්න තවත් මාස තුනකට ප්‍රමාණවත් බවත් සදහන් කළේය.
මෙරට ඉදිරි මාස අටක කාලය සඳහා අවශ්‍ය වී තොග රට තුල ඇති බවද හෙතෙම කියා සිටියේය.සහල් සඳහා පාලන මිලක් පැන වූ පසු වී තොග සඟවා ගැනීමට මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් කටයුතු කිරීම නිසා ජනතාව කලබලයට පත්වී ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.