මෙරට ඉදිරි කාල සීමාවේදී සහල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට ප්රධාන පෙළේ සහල් මෝල් හිමියන් උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි.
රට තුළ දැනටමත් මෙම මෝල් හිමියන් සහල් අලෙවියට නිකුත් කිරීම සියයට 40 කින් පමණ අඩු කර ඇති බව වාර්තා වේ.
මෙරට ප්රධාන නගර රැසකම සහල් වෙළඳුන් සඳහන් කළේ පසුගිය දින කිහිපයේදී සහල් තොග වෙළෙඳ සැල්වලට නොලැබුණු බවය.
දේශීය සහල් වර්ග වල මිල දැනටමත් රුපියල් 250 සීමාවේ පවතින අතර මේ මාසය අවසන් වන විට එය රුපියල් 300 දක්වා වැඩි වනු ඇතැයි ද වෙළඳුන් සදහන් කරයි.