රුසියානු ශ්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවයි.ප්‍රවේශපත්‍ර අලෙවිය අත්හිටුවයි.

එරට රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ගුවන් සමාගම ශ්‍රී ලංකාවට පැමිණෙන වානිජ ගුවන් ගමන් අත්හිටුවයි.ගුවන් සමාගම කොළඹ දී ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමද අත්හිටුවා ඇත.

එරට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගුවන් සමාගමේ යානාවක් කටුනායකදී රඳවා ගැනීමට විරෝධය පළ කරමින් මෙය සිදුකර ඇති බව.රුසියාවේ විදේශ අමාත්‍යාංශය මොස්කවු ශ්‍රී ලංකා තානාපති කැඳවා අදාල සිදුවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර ඇත.

මෙරට මෑත කාලයේ දී ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණීම රුසියානු කලාපයෙන් සිදුව ඇති අතර නව තත්ත්වයත් සමඟ සංචාරක ව්‍යාපාරයටද අයහපත් ලෙස බලපානු ඇති බව සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නෝ සදහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close