BA5, මෙතෙක් හදුනාගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේද අතරින් වේගයෙන්ම පැතිර යන ප්‍රභේදය .
ශ්‍රී ලංකාව තුළ මේවනවිට පැතිර ඔමික්‍රොන් අනුප්‍රභේදයක් වන BA5 යන කොව්ඩ් වයිරස් ප්‍රභේදය රටතුළ දරුණු තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කලේය .
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයකට අනුව මෙම ප්‍රභේදය දැනට කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ද පැතිර යන ප්‍රධානතම ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති බව ඔහුගේ ට්විටර් සටහනක දැක්වේ.
BA5 ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හදුනාගත් පලමු අවස්ථාව මෙය වන අතර මෙතෙක් හදුනාගෙන ඇති ප්‍රභේද අතරින් වේගයෙන්ම පැතිර යන ප්‍රභේදයද මෙය වේ. එම නිසා ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයක් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.
