ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ තහවුරු නොවූ විවිධ තොරතුරු ප්‍රචාරය කිරීම විමර්ශන වලට බාධා එල්ල වනු ඇති බව පොලීසිය සඳහන් කරයි.
එනිසා තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් එවන් තත්ත්වයක් සැකකරුවන්ට වාසිදායක ලෙස බලපානු ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියේ දී ඉකුත් 15 වනදා අසාධ්‍ය තත්වෙන් වාහනය තුල බැද දමා සිටියදී සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ ගණනාවක් ඔස්සේ මෙම ඝාතනය පිළිබදව පරීක්ෂණ පවත්වමින් සිටියි.