මෙරට අගමැති කාර්යාලය ඉදිරිපිට, ඇති අවන්හලක් අසල නවතා තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන ඇත.එම ගින්නෙන් අදාළ මෝටර් රථයේ ඇති ඉදිරිපස කොටස ගිනිගෙන වීනාශ වී ඇත.
ඒ අද (31) දහවල් කාලයේදී එම ගින්න හට ගෙන ඇත.මෙම මෝටර් රථය පණ ගැන්වීමට යාමේදී එම මෝටර් රථය හදිසියේම ගිනිගෙන ඇත.අගමැති කාර්යාලයේ ආරක්ෂ අංශ මැදිහත්වීමෙන් කොළඹ නගර සභාවේ ගිනිනිවීමේ රථ දෙකක් උපයෝගි කරගෙන ගින්න මැඩපවත්වා ඇත.