හෙට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්.

මෙරට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් 2022 ජූලි 25 වන සඳුදා (හෙට දින) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය.නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සදහන් කළේය.

නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙන අතර බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දීමට නියමිතව ඇත.

බදාදා සහ සිකුරාදා මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.

නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු ම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය මෙම උපදෙස් ලබා දී ඇති බව නැවත අවධාරණය කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close