දේශපාලනයේ පසමිතුරන් ලෙස සැලකෙන අමෙරිකාව සහ චීනය, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් වන බව හැඟවෙන පුවතක් අද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි ජුලී චං මහත්මිය පවසන්නේ, අද චීන තානාපති කී ෂෙන්හොං හමුවී කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවයි.වෙළෙඳ, ආයෝජන සහ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු ව ඇත.
තානාපතිනිය සඳහන් කළේ, දේශපාලනික ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සහයට සහයෝගය ලබා දීමේ අවස්ථා කෙරෙහි ද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බවයි.
මව්බිම.