මෙරට අධි ආරක්ෂිත නිවසක් වූ ජනපති මන්දිරය ඇතුළත පිහිටීම විදෙස් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ලෝකයටම විවර වීම හේතුවෙන් රටේ ඉදිරියට පත්වන නව ජනාධිපතිවරුන්ටත් අනාරක්ෂිත ලෙස එහි රැඳී සිටීමට සිදුවන බව ආරක්ෂක බුද්ධි අංශ පෙන්වා දෙයි.
මෙරට හදිසි තත්ත්වයකදී රටේ ජනාධිපතිවරයා රැගෙන යාමට ඇති භූගත බංකරයද ඇතුළුව සියලුම කාමරවල පිහිටීමද මුළු ලෝකයටම දැනගන්නට ලැබීමෙන් මෙය අනාරක්ෂිත තැනක් බවට පත් වූ බව ආරක්ෂක ප්‍රධානීහු සදහන් කළේය.
එනිසා රටේ මීළඟට පත්වන නව ජනාධිපතිවරයකුට මෙහි රැඳී සිටීම තර්ජනයක් විය හැකි බව ආරක්ෂක අංශවල මතය වෙයි.
එනිසා රටේ අලුතින් පත්වන නව ජනාධිපතිවරයකුට සිය නවාතැන් ගැනීමට වෙනත් ආරක්ෂක නිවහනක් සොයා ගත යුතුව ඇති බව සදහන් කර ඇත.