අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.
සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සදහන් කළේ,පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහ ඡන්දයෙන් බහුතර බලය ගත්තේ මහින්ද රාජපක්ෂ බවයි.
‘එකක් කියන්න ඕනෑ පැහදිලිවම.රනිල් අගමැති කළේ අපේ පක්ෂයෙන් නොවෙයි. අරගලය වකවානුවේ අගමැති ධුරය වෙනස් කරන්න කියලා විශාල මතයක් ගොඩනැගුණා. අපේ පක්ෂයේ ස්ථාවරය අදටත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිමිවිය යුතුයි කියලා. අපේ පක්ෂයේ නායකයා හැටියට එතුමා තමයි ඡන්දයෙන් බහුතර බලයක් ගත්තේ. සර්ව පාක්ෂික සමුළුවට ගිහිල්ලත් කීවේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කරනවාට විරුද්ධයි.’