ශ්‍රී ලංකාවට දැනට පනවා ඇති සංචාරක සීමා ඉවත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු විසින් අගමැතිවරයා දැනුවත් කරයි.
සංචාරක ඇමතිවරයා මෙම දැනුවත් කිරීම කර ඇත්තේ ඊයේ (14) සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ය.
ඉන්දීය සංචාරකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර තලයේ ප්‍රසිද්ධ පුද්ගලයන් සමග ප්‍රවර්ධන සන්දර්ශන පැවැත්වීමට සැලසුම් කරන බව ද ඔහු සදහන් කළේය.
වසරේ ඉතිරි කාලය සඳහා මෙරටට සංචාරකයන් ලක්ෂ 8ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ත් ඒ සඳහා ඇස්තමේන්තුගත ආදායම ඩොලර් මිලියන 800ක් බව ත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLDA) නිලධාරීන් එහිදී ඇමැතිවරයාට පවසා ඇත.