ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ප්‍රමාණවත් පරිදි බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත ද සිල්වා සදහන් කළේය.
“වෙනදට අපි සාමාන්‍යයෙන් ටැංකි රථ 250ක් 300ක් වගේ සංඛ්‍යාවක් සේවයට වාර්තා කරනවා. පසුගිය දිනවල ටැංකි රථ 100ක් 150ක් වගේ තමයි ධාවනයට එන්නේ. ඒ සෑම ටැංකි රථයකටම ඇනවුම් ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙන නිසා.”