රට පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්නැයි, දිසාපතිවරුන්ට දැනුම් දී ඇත.වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසුවේ, රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බවය.
අවධානය මේ සම්බන්ධයෙන් යොමු කර, ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුවන් සමග ඒකාබද්ධව සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි, දිසාපතිවරුන්ට දැනුම් දුන් බව අමාත්‍යවරයා සදහන් කළේය.
ඉන්දීය ණය ගිවිසුම යටතේ මෙරටට හිමිවන සීනි තොග ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.ඉන්දියාව සිය අපනයන සීමා කිරීම හමුවේ, සීනි තොගය මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද වී ඇති බව ඔහු සදහන් කළේය.