මෙරට කුඩා දරුවන් අතර උණ රෝගී තත්ත්වයන් බහුලව නිරීක්ෂණය වීම හේතුවෙන් දෙමවුපියන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.කොවිඩ් -19 වෛරස ,ඩෙංගු හෝ වෙනත් වෛරස් උණ හේතුවෙන් එම තත්ත්වය ඇති විය හැකි බව රිඡ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සදහන් කළේය.
” දරුවෙකුට පැය 24කට වඩා උණ ගතිය පවතී නම්, ඔවුන් ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන්ගේ මළානික ගතියක් හෝ ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් වමනය, පාචන තත්ත්වයක්, මුත්‍රා පිටවීමේ පැහැදිලි අඩුවීමක් සහ සම මතුපිට බිබිලි තත්ත්වයක්.
සාමාන්‍යයෙන් දරුවෙක් ට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකට වඩා විශේෂ ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.”
රටේ කොවිඩ් වෛරස අවදානම වර්ධනය වුවහොත් ඉදිරියේදී යළි සංචරණ සීමා පැනවීමට ද සිදුවනු ඇති බව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සදහන් කළේය.
“නැවත කොවිඩ් රෝගය හිස ඔස වුවහොත් දැනට පැතිර යන සීඝ්‍රතාවය සලකා බැලුවහොත් ඉදිරියේ දී ඉතා පැහැදිලිවම රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් වෙන්න පුළුවන් වගේම සංචරණ සීමා වගේ දේවල්වලට යන්න වෙන්න පුළුවන්. එයින් නැවත බලපෑම ඇති වෙන්නේ කුඩා දරුවන්ට.
එම නිසා මේ අවස්ථාවේ දී යම්කිසි පාලනයක් දැනටත් රට තුළ ඉතා පැහැදිලිවම දක්නට ලැබෙනවා. නමුත් මේ රෝගය තවදුරටත් පැතිරීම පාලනය කිරීම ඉතාම වැදගත්. එම නිසා නැවත මුඛ ආවරණය පැලඳීම ඉතාම වැදගත්. හැකි හැම අවස්ථාවකම අනවශ්‍ය ලෙස පුද්ගල ඒකරාශීවීම් නැවැත්වීම හා පුද්ගලයින් අතර පරතරය තබා ගැනීම. මේ පුරුදු තව දුරටත් පවත්වා ගැනීම තමා වැදගත් වෙන්නේ.
දරුවන් අතර පැහැදිලිවම රෝගය පැතිරීමේ වැඩිවීමක් ඉදිරියේ දී දකින්න ලැබෙන්න පුළුවන්. එම නිසා දෙමාපියන් හා වැඩිහිටියන් වශයෙන් අපේ යුතුකමක් තමා රෝග ලක්ෂණ පවතින දරුවෙක් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වෙන්න පුළුවන්, උණ තත්ත්වයක් වෙන්න පුළුවන් එවැනි තත්ත්වයක් තිබුණොත් පාසල් හෝ පෙරපාසල් නොයවා නිවසේ සිට තුළ අවධානයෙන් ඔවුන් බලාගැනීම ඉතාම වැදගත්.”