මෙරට 2022/2023 එළැඹෙන මහ කන්නයෙන් පසු රජයේ මැදිහත් වීමෙන් පොහොර ගෙන්වීම නවතා පෞද්ගලික අංශයට අවසර දීම කෙරෙහි අවධානය යොමුව පවතින බව වාර්තා වෙයි.මෙරට මහ කන්නය වන තෙක් අවශ්‍ය පොහොර රජයේ මැදිහත්වීමෙන් ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
යල කන්නය සඳහා පොහොර ගෙන්වීමට රජය මැදිහත් නොවී පෞද්ගලික අංශයට අවසර ලබා දීමට සාකච්ජා කෙරෙන බව ද ඒ සඳහා ලෝක බැංකුවේ ද සහාය හිමිවන බව ද වාර්තා වේ.රටේ ගොවීන්ට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා යම් සහන මුදලක් ලබා දීම කෙරෙහි ද අවධානය යොමුව ඇතැයි එම ආරංචි මාර්ග වාර්තා කරයි.
ගොවීන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර තම අභිමතය පරිදි මිල දී ගැනීමට මේ සහන මුදල ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය අපේක්ෂා කළ ද ඒ සඳහා පැවති සාකච්ජාවකදී ගොවි සංවිධාන නියෝජිතයින් සිය විරෝධය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ආරංචි මාර්ග වාර්තා කරයි.