ජනතාවට ඉන්ධන ලබාදීම සඳහා සතියට දින හතම වාහනයේ ලියාපදිංචි අංක වලට වෙන් කර ඇතත් ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා දෙන්නේ සතියට දින දෙකක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරන්නේ සතියකට දින දෙකකදී ලීටර 13200 පමණක් බවය.
රටේ පවතින ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබා නොදී පෝලිම් අවසන් කළ නොහැකි බව ද සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.