මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා පැහැදිලි වැඩසටහනක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කළේය.
එම පැහැදිලි වැඩසටහන අනුව කටයුතු කළහොත් මාස 05ක් ඇතුළත ශ්‍රී ලංකාවට වර්ථමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කළේය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ CNN නාලිකාව සමග සජීවී වැඩසටහනකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.