මෙරට කොළඹ ගාලුමුවදොර අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද (22) අලුයම හමුදාව විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සදහන් කරයි.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.මානව හිමිකම් කොමිසම අවධාරණය කරන්නේ අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි.
රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සඳහා රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක වන කිසිදු ක්‍රියාමාර්ගයක් අනාගතයේ කිසිදාක සිදු නොවන බවට සහතික වන ලෙස මානව හිමිකම් කොමිසම රජයෙන් ඉල්ලා සිටියේය.