මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 09 වැනිදාට කලින් ධුරයෙන් අස් වී ගෙදර යා යුතු බව නිර්පාක්‍ෂික අරගලකරුවෝ සදහන් කරයි.නියෝජිත සුසන්ත කොඩිතුවක්කු කියා සිටින්නේ ජනතාවට අරගලය එපා වී නැති බවත් අරගල බිමෙන් පණිවිඩය එනතෙක් ජනතාවක් බලා සිටින බවයි.
මෙරට නව ජනාධිපතිවරයා පත්ව ඇත්තේ අරගලයෙන් නොව කුමන්ත්‍රණයකින් බවද පවසන සුසන්ත කොඩිතුවක්කු ජනමතයක් නැති ජනාධිපතිවරයා ජනතාව සමඟ වූ වෛරයෙන් සිටින්නෙක් බවද සදහන් කළේය.
රටේ ඉතා ඉක්මනින් අන්තර්වාර ආණ්ඩුවක් ගෙනැවිත් ඉන් අනතුරුව මැතිවරණයක් පැවැත්විය යුතු බව ද සුසන්ත කොඩිතුවක්කු සදහන් කළේය.ඔහු මේ අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්ය.