ඉතිහාසයේ ප්‍රථම වරට වී මිටිය රුපියල් 10,000යි.සහල් කිලෝව 300යි.

මෙරට ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට විවෘත වෙළෙඳපොළේ වී මිටියක මිල රුපියල් 10,000 ඉක්මවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ සදහන් කළේය.

”පවතින තත්ත්වය හමුවේ වී කිලෝවක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් වන අපට සහල් කිලෝවක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට පත් කිරීමට හැකි වෙන්නේ රුපියල් 260ක මිලකට.

මේ අනුව පාරිභෝගිකයන්ට විවෘත වෙළෙඳපොළෙන් සහල් කිලෝවක් රුපියල් 280- 300 අතර මිලකට මිලදී ගන්න සිදුවෙලා තියෙනවා. ආණ්ඩුව තවදුරටත් මේ අර්බුදය නොසලකා හරිමින් කිසිදු තැකීමක් නොකර සිටින තත්ත්වයක් තුළ අර්බුදය තවත් වැඩිවෙනවා.

අපේ රට තුළ මාස කීපයකට වී තොග යම් සංචිත ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා රටේ ජනතාව බඩගින්නේ සිටින වෙලාවක අපි රටේ සඟවා තිබෙන වී තොග විවෘත වෙළෙඳපොළට එන ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ. වී තොග වෙළෙඳපොළට නොදා සඟවා තැබීම සැඟවීමක් නෙවෙයිද”

අනුරාධපුර තඹුත්තේගමදී පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියා සිටියා.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close