ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වෙන්න අනුර කොන්දේසි පනවයි.

මෙරට ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ජුලි 20 වනදා පැවැත්වෙන ඡන්ද විමසීමේ අපේක්ෂකත්වය ඉවත් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් කොන්දේසි පනවයි.

අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ,

“අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරය සඳහා යම් අනාගත බල ව්‍යාපෘතියක් නැති දෙදෙනෙක් තෝරා පත්කර ගෙන, පාර්ලිමේන්තුවේ සියලු දෙනා නියෝජනය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මාස කිහිපයක් ඇතුළත රට යළි යථාවත් කරලා, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට නව ජනවරමක් ලබාදීම සඳහා මැතිවරණයක් පැවැත්වීම තමයි යෝග්‍යයම විසඳුම කියන එක තමයි අපේ ස්ථාවරය.

අපි තවමත් ඒ ස්ථාවරයේ ඉඳන් කටයුතු කරනවා. අනාගත බල ව්‍යාපෘතියක් නොවෙන දෙන්නෙක් ඉදිරිපත් වෙනවා නම්, තෝරා ගන්නවා නම් එළඹෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි සම්බන්ධ වෙන්නත් සූදානම්. එහෙම නම් අපි අපේක්ෂත්වය අයින් කරගන්නත් ලෑස්තියි. ඒක බදාදා වනතෙක් විවෘතයි, වලංගුයි”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close