මන්කිපොක්ස් රෝගය පැතිර යාම අඩුයි.

කොවිඩ්-19 වෛසරයට සාපේක්ෂව මන්කිපොක්ස් හෙවත් වදුරු උණ රෝගය පැතිර යාමේ වේගය අඩු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දීම ජීවන්දර සදහන් කළේය.

එහෙත් ලෝකයේ රටවල් 75ක පැතිර ඇති මෙම වදුරු උණ රෝගය මෙරටට ද ඕනෑම අවස්ථාවක පැමිණිය හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ වදුරු උණ රෝගයෙන් මෙරට ජනතාව ආරක්ෂා කිරීම සදහා මේ වනවිටත් විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close