දිවයින හරහා ගමන් කළ පීඩන අවපාතය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට දුර්වල වී ඇති බවත් අද දින ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද සවස් කාලයෙන් පසුව දිවයිනේ වැසි තත්ත්වය අඩුවනු ඇතිවන බවත් දිවයින හරහා පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං හමා යන බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.