ජනතාවට අනතුරු ඇගවීමක්.පිරවුම්හල් 50කට පහරදෙයි.

රට තුළ ඉන්ධන පිරවුම්හල්වල සේවකයින්ට සහ එහි දේපළවලට නිසි ආරක්ෂාවක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී ඉන්ධන ඇණවුම් ලබා ගැනීමෙන් වළකින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ සදහන් කළේය.

ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ දින ගණනාවක් අඛණ්ඩව පෝලිම්වල සිටින පිරිස් ඉන්ධන නොලැබීම හේතුවෙන් කුපිතව කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා ගණනාවක් ඊයේ මෙන්ම අද දිනයේදීත් දැකගත හැකි විය.

පිරවුම්හල් 50 කට පමණ පහරදීම සිදුව ඇති බව ද ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.එම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට තීරණයක් ගත් බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close