හදිසියේම ගුවන් යානයක් කඩා වැටෙයි.

උතුරු ග්‍රීසියේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී ඇත.යානය උතුරු ග්‍රීසියේ කවාලා නගරය ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති බව බී.බී.සී. මාධ්‍ය විසින් වාර්තා කළේය.

මෙම කඩා වැටුණු යානය ගිනිගෙන දැවී යන ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වේ.එරට යුක්‍රේනයට අයත් ගුවන් යානා සමාගමක් විසින් Antonov-12 නමැති මෙම යානය මෙහෙයවනු ලබයි.

මෙම ගිනිගෙන දැවී යන ගුවන් යානය තුළ කී දෙනෙක් සිටියා ද, දිවි ගලවා ගත් හෝ මරණයට පත් වූ ගණන කෙසේ දැයි තවමත් අනාවරණය වී නොමැති බවයි එරට බලධාරින් සදහන් කරයි.

සර්බියාවේ සිට ජෝර්දානය දක්වා මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පියාසර කරමින් තිබීයදි මෙලස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close