අද සහ හෙට දිනයේ කොළඹ – බදුල්ල දුම්රිය ධාවනය අත්හිටුවයි.!

රටේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අත්හිටුවයි.මෙරට නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න සදහන් කළේ එම මාර්ගයේ දුම්රිය ධාවනය අද (2) සහ හෙට (3) දිනවල ද අවලංගු කළ බවය.

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අද පස්වරු 6.00 ට ධාවන කිරීමට නියමිතව තිබූ දුම්රිය, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා හෙට (3) පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය තුන සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා හෙට පෙරවරුවේ ධාවනය කිරීමට නියමිත දුම්රිය තුන අවලංගු කළ බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close