ලෝකයේ ඉදිරියේදී න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවදානමක් පවතින බව ජගත් සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අනතුරු අඟවයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සඳහන් කළේ, රටවල් දෙකක් අතර වැරදි අවබෝධයක් ඇති වුවහොත් මෙලෙස න්‍යෂ්ටික යුද්ධයක් ඇති විය හැකි බවය.
ලොව ඇතැම් රටවල් පීඩනයෙන් සිටීමද න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමට හේතු විය හැකිය, ඊට හොඳ ම උදාහරණය යුක්රේනය සහ රුසියාව අතර පවතින යුදමය වාතාවරණය බව ජගත් මහලේකම්වරයා සඳහන් කළේය.
එරට එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි හරණයට අදාළ ගිවිසුමට ඉන්දියාව, ඊශ්‍රායලය, උතුරු කොරියාව සහ පාකිස්ථානය මේ දක්වා අත්සන් කර නැති බව වාර්තා වේ.