රට තුළ ඉන්ධන බෙදාහැරීම සීඝ්රයෙන් පහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සදහන් කළේය.
සම ලේකම් ශාන්ත සිල්වා සදහන් කළේ,
සමස්ත බවුසර් ධාරිතාවයෙන් මේ දිනවල ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන්නේ 30% ක පමණ ප්‍රමාණයක් බවයි.
මෙරට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු පැවසුවේ, පිරවුම්හල් වෙත අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලැබී නොමැති බවයි.
රට තුළ පවතින මෙම තත්ත්වය හමුවේ ඊයේ (17) රාත්‍රියෙත් ඉන්ධන මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳි සිටියේය.