ශ්‍රී ලංකාව අධි උද්ධමනයක් ඇති රටක් බවට පත් වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න සදහන් කළේය.උද්ධමනය සියයට 50 සීමාව පසු කළ විට එම රට අධි උද්ධමනය ඇති රටක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ හඳුවන්වයි.
ලංකාවේ 2021 වසරේ ජූනි මස සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 වසරේ ජූනි මස වන විට සියයට 54.6 ක් දක්වා වැඩි වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න සදහන් කළේය.ආසියාතික රටක වාර්තා වූ වැඩිම උද්ධමන අනුපාතය බව සිරිමල් අබේරත්න පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් ලෝකයේ ඉහළම උද්ධමන අනුපාතයක් ඇති රටවල් 10 අතරට ඇතුළත් වීමටද ශ්‍රී ලංකාව සමත්ව ඇති බව මහාචාර්ය සිරිමල් අබේරත්න සදහන් කළේය. එම රටවල් සියල්ලන්ගේම උද්ධමන අනුපාතය සියයට 50 ට වැඩි බව සදහන් වේ.
මාසයක් සඳහා වසරින් වසර උද්ධමනය සියයට 50 සීමාව පසු කිරීමෙන් අදහස් වන්නේ 2021 වසරේ ජූනි මාසයේ සිට 2022 වසරේ ජූනි මස දක්වා මාස 12 ක කාලය තුළ භාණ්ඩ සහ සේවා මිල සාමාන්‍යයෙන් සියයට 50 කින් වැඩි වී ඇති බව යැයි මහාචාර්ය සිරිමල් අබේරත්න සදහන් කළේය.
රට පසුගිය වසර සමඟ සසඳන විට රුපියලේ වටිනාකම මාස 12 ක කාලය තුළ හරි අඩකින් පහත වැටී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න සදහන් කළේය.තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා 2021 ජූනි මාසයේදී රුපියල් 25,000 මුදලක් වැය කළ පවුලක් එම අවශ්‍යතාම සපුරා ගැනීම සඳහා 2022 ජූනි මාසයේදී රුපියල් 50,000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද ඔහු සදහන් කළේය.