මෙරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ගාලු මුවෙදාර අරගලකරුවන් රටේ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා මාලාවක් ද ඊයේ (17) ආරම්භ කළේය.
මෙරට වත්මන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහට ඡන්දය නොදෙන්නැයි දේශපාලන පක්ෂවලට බල කිරීම මෙම සාකච්ඡා මාලාවේ මූලික අරමුණක් බව වාර්තා වේ.
මෙරට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග ඊයේ ඒ යටතේ සාකච්ඡා පැවැති අතර තවත් සාකච්ඡා කීපයක් අද (18) පැවැත්වෙන බව වාර්තා වේ.