පසුගිය ජුලි 14 වැනිදා සිය පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 14ක කෙටි කාලීන පිවිසුම් අවසර පත්‍රයක් ලබා දී ඇතැයි සිංප්පූරු ආගමන විගමන බලධාරින් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අද (21) දිනයේ වාර්තා කරයි.
එරට ඉන්දියාවේ NDTV නාලිකාව වාර්තා කළේ, ගෝඨාභය රාජපක්ෂ ගුවන්තොටුපොළින් රටට ඇතුළුවන අවස්ථාවේ මෙම කෙටිකාලීන පිවිසුම් අවසර පත්‍රය නිකුත් කර ඇති බවය.
මෙරට ශ්‍රී ලාංකිකයින්ට එරට සාමාන්‍යයෙන් දින 30ක කාලයක් මෙම අවසර පත්‍රය දීර්ඝ කර ගත හැකි වුවත් ඒ සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කළ යුතුව ඇතැයි NDTV වාර්තාවේ සඳහන්ය.