ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට දැනුම්දීමක්.පොළිය තවත් වැඩි කරයි.

මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වන විට පියවර ගනී.මෙරට වානිජ බැංකු සදහන් කළේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36%ක් දක්වා ඉහළ නංවා ඇති බවය.

තවද ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කළේය.එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු ඉන් පසු 30% ක් දක්වාත් ඉහළ දැමුවේය.අද වන විට එය 36%ක් දක්වා වැඩි වී ඇත.

ඉහළ පොලී අනුපාතිකයක් නියම වී ඇති පසුබිමක් තුළ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමේ දී වඩාත් සකසුරුවමින් ඒවා භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් කල්පනාකාරී විය යුතු බව වාණිජ බැංකු සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close