ආණ්ඩුව තීරණයක් ගනී.හිටපු ජනපති එළවා අලුත් ජනපතිට දෙයි.

මෙරට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කරයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටියි.

මෙරට ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් විනාශ කර තිබීම සහ නීතිමය කටයුතු සිදුවීම හේතුවෙන් එහි පදිංචිවීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාට හැකියාවක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කරයි. මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම නිවෙසින් ඉවත් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close