ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සදහන් කළේය.ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කිසිම විටක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයිනට යාමටත් එතැන් සිට සිංගප්පූරුවට යාමටත් ඉන්දියාව පහසුකම් ලබා නොදුන් බව ආචාර්ය ජයිශංකර් එහිදී ප්‍රකාශ කළ බවද මාධ්‍ය වාර්තා කළේය.ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය වැනි අර්බුදයක් ඉන්දියාවේ ඇති වීමට ඉඩක් නොමැති බව ජයිශංකර් සදහන් කළේය.
ලංකාවේ සමීපතම අසල්වැසියා ඉන්දියාව බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවට කෙසේ බලපෑමක් එල්ල වේ දැයි ඉන්දියාව කණසල්ලෙන් පසුවන බව ආචාර්ය එස්.ජයිශංකර් සදහන් කළේය.ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉන්දියාව අනෙක් කිසිම රටකටත් වඩා ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇතැයි ආචාර්ය එස්.ජයිශංකර් සදහන් කළේය.
ඉන්දියාවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය,ආම් ආද්මි පක්ෂය,ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය,නැෂනල් කොන්ෆරන්ස් පක්ෂය,තිලඟන රාෂ්ට්‍ර සමිති,බහුජන සමාජ පක්ෂය,වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂය, එම්.ඩී.එම්.කේ පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වී ඇත.