රනිල් දිනුවේ බැසිල්ගේ මෙහෙයුමකින්.

මෙරට ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ පත්වූයේ බැසිල් රාජපක්ෂගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුව බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සදහන් කළේය.

ජනපති රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මන්ත්‍රීවරුන් පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බව හා රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්ෂගේ අවතාරයක් බව ද ජෝසෆ් ස්ටාලින් සදහන් කළේය.

මෙරට පාර්ලිමේන්තුව තුළ රටේ ජනතා මතය නියෝජනය නොවන බවත් එහි බැසිල් රාජපක්ෂගේ මතය පමණක් නියෝජනය වන බවත් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

රටේම ජනතාව ඉල්ලා සිටි වෙනස පාර්ලිමේන්තුව තුළින් ඉටුනොවීම මත වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව රනිල් වික්‍රමසිංහගේ පත්වීමට විරුද්ධ බවද ජෝසෆ් ස්ටාලින් හෙතෙම සදහන් කළේය.

රටේ ජනතාව සමග එක්ව රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති පත්වීමට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සූදානම් බවද ජෝසෆ් ස්ටාලින් සදහන් කළේය.

දිගින් දිගටම මර්දන කටයුතු සිදුවුවහොත් වැඩවර්ජන වැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සූදානමින් සිටින බවද ජෝසෆ් ස්ටාලින් සදහන් කළේය.

මෙරට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කොළඹදී ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මේ බව සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close