බීමත්ව සිටි මගියෙකු කළ පහරදීමකින් දුම්රියෙන් විසිවූ ආරක්ෂක නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.මෙරට කොළ
ඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ රාජකාරී කරමින් සිටි දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේය.
දුම්රියේ මැදිරියක් තුළ මගීන් දෙදෙනෙකු මත්පැන් පානය කරන බවට ආරක්ෂක නිලධාරීන් වෙත දුම්රිය මගීන් පිරිසක් පැමිණිලි කර ඇත.එම මගීන් දෙදෙනා දුම්රිය ආරක්ෂක නිලධාරීන් භාරයට ගෙන වෙනත් මැදිරියකට රැගෙන යන අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු විසින් දුම්රිය දොරටුව අසලදී අදාළ නිලධාරියාට පා පහරක් එල්ල කර ඇත.
බීමතින් සිටි මගීන් දෙදෙනා දුම්රියේ සිටි මගීන් විසින් අල්ලාගෙන දුම්රිය ආරක්ෂක නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව මීරිගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.දුම්රියෙන් පිටතට විසිවී ජීවිතක්ෂයට පත්වූ දුම්රිය ආරක්ෂක නිලධාරියාගේ මෘතදේහ වේයන්ගොඩ වඳුරඹ දුම්රිය ස්ථානයට ආසන්නයේ තිබී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේය.