ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් ආයතනයේ සැපයුම් අංශයේ නිර්දේශයට අනුව ෆයිසර් කොවිඩ් මර්දන එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කළ ඇති බවයි.
සෙල්සියස් අංශක 90 – 60 දක්වා උෂ්ණත්වයක ගබඩාකර තිබූ එන්නත් කල් ඉකුත්වීමේ කාලය මාස 9 සිට 12 දක්වා දීර්ඝ වනු ඇති.
මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ සදහන් කළේය.
ඊයේ දින කොවිඩ් රෝගීන් 72 දෙනෙකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 2 කි.